අප ගැන

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ ඉගෙනුම් වේදිකාව ගැන වැඩිදුර විස්තර දැනගන්න.

සියලූ දෙනා සතු ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසට ගරු කරන, එය ආරක්ෂා කරන සහ ප්‍රවර්ධනය කරන ලෝකයක් නිර්මාණය කිරීමට දායක වීමට කැමති සෑම අයෙකුගේ ම ඉගෙනුම් අවශ්‍යතා සපයා දීම ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ ඉගෙනුම් වේදිකාවේ අපේක්ෂාව වේ.

කුමක්ද?

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ ඉගෙනුම් වේදිකාව සියලූ දෙනා සතු ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ ඉගෙනීමට, මෙනෙහි කිරීමට සහ එය ප්‍රවර්ධනය කිරීමට පුද්ගලයින්ට, ප්‍රජාවන්ට, සංවිධානවලට සහ තීරණ ගන්නන්ට උපකාර කිරීමට උත්සාහ දරයි. අපි මෙය සිදු කරන්නේ නොමිලයේ සපයා දෙන පාඨමාලා, ඉගෙනුම් සම්පත්, පුහුණු ද්‍රව්‍ය සහ ජාලගතවීමේ අවස්ථා සපයා දීමෙනි. පුද්ගලිකව අධ්‍යයනය කිරීම සඳහාත්, කාර්ය මණ්ඩල පුහුණු කිරීම සඳහාත්, අධ්‍යාපනඥයින්ට සහ පහසුකම් සලසන්නන්ට තරුණ සහ වැඩිහිටි කණ්ඩායම් පුහුණු කිරීම සඳහාත් යොදා ගත හැකි සම්පත් මෙම වේදිකාවට ඇතුළත් වේ.

අපි ගුණාත්මකභාවය සහ වැඩි ප්‍රවේශය පිළිබඳ විශ්වාස කරන්නෙමු. අපි බොහෝ භාෂාවලින් සම්පත් සපයා දීමට උත්සාහ කරන අතර, අපගේ මූලික සම්පත් සකස් කිරීම විශේෂඥයින් සමග සහ විවිධ ආගමික හා විශ්වාස පසුබිම් පරාසයකට අයත් පුද්ගලයින් සමග සංවාදයක් තුළින් සිදු කරනු ලැබේ.

කුමක් නිසාද?

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස උල්ලංඝනය කිරීම පුද්ගලයින්ට, ප්‍රජාවන්ට සහ සමාජයට විනාශකාරී බලපෑමක් ඇති කරයි. මෙම ඉගෙනුම් වේදිකාවේ අරමුණ වන්නේ බිම් මට්ටමේ සිට ඉහළටත්, ඉහළ ම මටට්මේ සිට පහළටත් සියලූ දෙනා සඳහා ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සහතික කළ සමාජ, දේශපාලන සහ නීති සංස්කෘතියක් ගොඩනැගීමට දායක වීම යි. සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය මානව හිමිකම් මත, විශේෂයෙන් ම අප අතර ඇති දැඩි වෙනස්කම් නොතකා සියලූ දෙනාගේ අයිතිවාසිකම් පිළිගනිමින් එකට එක්ව ජීවත් වීමට ඇති හැකියාව මත රඳා පවතියි.

කවුරුන් සඳහාද?

මෙම ඉගෙනුම් වේදිකාව මගින් සපයා දෙනු ලබන සම්පත් පුළුල් පරාසයක සන්දර්භයන් තුළ සහ පුළුල් පරාසයක ප්‍රේක්ෂකයින් සඳහා ප්‍රයෝජනවත් වේ:

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සංවර්ධන වෘත්තීයවේදීන්
  • පොලිසිය, නීතිඥයින් සහ විනිසුරුවරුන් වැනි අධිකරණ පද්ධතියට අයත් නිලධාරීන් ඇතුළුව රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන නිලධාරීන්
  • ආගමික සහ විශ්වාස ප්‍රජාවන්ගේ සාමාජිකයින් සහ ගිහි හෝ පැවිදි නායකයින්
  • දේවධර්මය පිළිබඳ සෙමනේරි වැනි ආගමික නායකයින් සඳහා වන පුහුණු ආයතන
  • මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හෝ ආගමික අධ්‍යයනයන් ඉගැන්වීමෙහි නිරත අධ්‍යාපන ආයතන/ඒවායෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයින්
  • බරපතල උල්ලංඝනයන් සිදු වන සන්දර්භයන් තුළ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය මණ්ඩල සහ ව්‍යාපාර ප්‍රධානීන්
  • මානව හිමිකම් සහ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානවල කාර්ය මණ්ඩලය
  • මාධ්‍ය

කවුරුන් විසින්ද?

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ ඉගෙනුම් වේදිකාව යනු Nordic Ecumenical Network on Freedom of Religion or Belief (NORFORB) සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 18 වැනි වගන්තියෙහි සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි දක්වා ඇති පරිදි සියලූ දෙනා සතු ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සඳහා ඇති මානව හිමිකම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන පුළුල් පරාසයක ලෞකික සහ ඇදහිලි පදනම් කරගත් සංවිධාන සමග හවුල්කාරිත්වයෙන් යුතුව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වේ.

NORFORB සංවිධානය පිළිබඳව, අපි වැඩ කරන්නේ කවුරුන් සමගද යන්න පිළිබඳව, අපට උපදෙස් දෙන්නේ කවුරුන්ද සහ අපට අරමුදල් සපයන්නේ කවුරුන්ද යන්න පිළිබඳව වැඩිදුර විස්තර පහතින් සොයා ගන්න.

අරමුදල් සපයා දෙන හවුල්කරුවන්.

පාඨමාලා, සම්පත් සහ පරිවර්තන නිකුත් කරන විට දැනුම්දීමක් ලබා ගැනීම සඳහා දායක වෙන්න.

අපගේ ප්‍රවෘත්ති පත්‍රිකාවට දායක වෙන්න!

දායක වෙන්න