ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ චිත්‍රපට

චිත්‍රපට අටකින් (8) යුත් මෙම චිත්‍රපට මාලාව ඔබට ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහසට (FORB) අයත් වන්නේ මොනවාද සහ එම නිදහස සීමා කළ හැක්කේ කවර අවස්ථාවලදී ද යන්න අවබෝධ කර ගැනීමට උපකාරී වනු ඇත.

චිත්‍රපටය යනු ඉගෙන ගැනීම සඳහා මෙන්ම දැනුම ඛෙදාගැනීම සඳහා ද ඇති සාර්ථක ක්‍රමයකි. අපගේ කෙටි zවිවරණz චිත්‍රපට පුද්ගලිකව අධ්‍යයනය කිරීමට, මාර්ගගතව කාර්ය මණ්ඩල පුහුණු කිරීමට හෝ කණ්ඩායම් පුහුණු කිරීමට ඉතාමත් යෝග්‍ය වේ. එසේ නොමැති නම්, පන්තිය පෙරසූදානම් වීමට සලස්වා, පුහුණු වැඩසටහනට සහභාගීවීමට පෙර මෙම චිත්‍රපට නරඹා පූර්ව සූදානමක් ඇතිව පුහුණු වැඩසටහනට සහභාගී වන ලෙස සියලූ සහභාගීවන්නන්ට දැනුම් දිය හැකæ

1. ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ හැඳින්වී

ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස මගින් ආරක්ෂා කරනු ලබන්නේ කවුරුන් ද හෝ කුමක් ද? ජාත්‍යන්තර සම්මුතීන් පවසන්නේ මොනවාද සහ ඉන් සපයනු ලබන අයිතිවාසිකම් මොනවාද?

2. ඔබේ ආගම හෝ විශ්වාසය ඇදහීමට හෝ වෙනස් කිරීමට ඇති අයිතිය

ඔබගේ ආගම/විශ්වාසය ඇදහීමට, වෙනස් කිරීමට හෝ අත්හැරීමට ඔබට ඇති අයිතිය සීමා කිරීමට රජයන්ට, ආගමික නායකයින්ට හෝ පවුලේ සාමාජිකයන්ට අවසර තිබේද? ජාත්‍යන්තර මානව හිමිකම්වල දක්වා ඇත්තේ කුමක්ද? සැබෑ ලෝකයේ තත්ත්වය කුමක්ද?

3. ආගමක් හෝ විශ්වාසයක් ඇදහීමට ඇති අයිතිය

ආගමක් හෝ විශ්වාසයක් ඇදහීමට හා පිළිපැදීමට බොහෝ ක්‍රම තිබේ. මානව හිමිකම් වලින් ආවරණය කර ඇත්තේ සහ නැත්තේ මොනවාද? ඇදහීමේ අයිතිය උල්ලංඝනය කිරීම් පිළිබඳ ගෝලීය උදාහරණ ද අඩංගු වේ.

4. බලහත්කාරයට ලක් වීමෙන් මිදීම

බලහත්කාරය යනු යමක් කීමට හෝ කිරීමට බල කිරීම ය. මෙම වීඩියෝව රජය විසින් ආගම හෝ විශ්වාසය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ඔබව බලහත්කාරකම්වලට ලක්වීමෙන් වළක්වා ගත යුතු ආකාරය සහ රජය යමෙකුගේ වීශ්වාසයන්ට බාධා නොකල යුත්තේ ඇයිද යන්න ගැන විශ්ලේෂණය කරයි. බලහත්කාරය ඇති වන ආකාරය පිළිබඳව ගෝලීය උදාහරණ අඩංගු වේ.

5. වෙනස් කොට සැලකීමෙන් මිදීම

ආගම හෝ විශ්වාසය අනුව වෙනස් කොට සැලකීම තහනම් කර ඇති අතර වෙනස්කම් කිරීම් වලින් ජනතාව රැක ගැනීම රජයේ යුතුකමක් වේ. වෙනස් කොට සැලකීම පිළිබඳ ගෝලීය උදාහරණ අඩංගු වේ.

6. දෙමාපියන් සහ දරුවන් සඳහා අයිතිවාසිකම්

දෙමව්පියන්ට සහ දරුවන්ට ඇති අයිතිවාසිකම් මොනවාද? දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ අයිතිවාසිකම් අතර සමබරතාවය සහ රජයන් දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ආකාරය පිළිබඳව ගෝලීය උදාහරණ අඩංගු වේ.

7. හෘද සාක්ෂිය මත පදනම්වූ විරුද්ධ වීම

ඔබ සාමාන්‍යයෙන් කරයි කියා සිතන දෙයක්; ඔබගේ වැදගත්ම විශ්වාසවලට විරුද්ධ නිසා එය කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මෙහි සාකච්ඡා කෙරේ. ආගමක් හෝ විශ්වාසයක් නිදහසේ වඩාත්ම අඩුවෙන්ම ආරක්ෂා කර ඇති අංගය මෙයයි.

8. ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහසට ඇති සීමාවන්

බොහෝ රජයයන් ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස සීමා කරයි. නමුත් සීමාවන් යුක්ති සහගත ද නැද්ද යන්න අපි දැන ගන්නේ කෙසේද? ආගමක් හෝ විශ්වාසයන් දැරීමේ නිදහස ක්‍රියාත්මක කිරීමේදී නීති සම්පාදකයින් සහ උසාවි විසින් පිළිපැදිය යුතු, මානව හිමිකම් සම්මුතීන්හි දක්වා ඇති නීතිරීති පිළිබඳව ගැඹුරින් විමසා බැලීමකි.

ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳව ඔබගේ ප්‍රජාව දැනුම්වත් කරන්න.

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න.

තවදුරටත් දැනගන්න.