ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව

පාඨමාලාව කුමක්ද?

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව යනු වැඩිහිටියන්ට සහ තරුණ තරුණියයන්ට තම ප්‍රජාව තුළ සිටින සියළු දෙනා සතු ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස (ත‍ධඍඊ) පිළිබඳ ඉගෙන ගැනීමට, එය අගය කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට හැකිකරවන පරිදි නිර්මාණය කර ඇති, මුහුණට මුහුණ හමුවී පවත්වනු ලබන වැඩමුළු නවයකින් සමන්විත පාඨමාලාවකි.
සම්පූර්ණ විෂය මාලාව සඳහා ම පාඨමාලා ද්‍රව්‍ය ලබා ගැනීමට තිඛෙන අතර, ඒවා තමන්ට උපකාරී වන්නේ යැයි සිතන ඕනෑම ආකාරයකින් යොදා ගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට නොමිලයේ බාගත කර ගත හැක.

මෙම පාඨමාලාව පවත්වන්නේ කුමක් සඳහාද?

බොහෝ දෙනෙක් තම ප්‍රජාව තුළ සිදුවන ආගමික නිදහස උල්ලංඝනයවීම් සහ ආගම් අතර ඇතිවන ආතතීන් පිළිබඳ කනස්සල්ලට පත්ව සිටින නමුත් ඒ සම්බන්ධයෙන් යම් වෙනසක් සිදු කරන්නේ කෙසේදැයි නොදනිති.

ප්‍රාදේශීය සමාජ පරිවර්තකත පාඨමාලාව සියලූ දෙනා සතු ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ අවබෝධ කර ගැනීමට සහ එය අගය කිරීමටත්, වෙනසක් ඇති කිරීම සඳහා තමන්ට භාවිතා කළ හැකි උපක්‍රම මොනවාද යන්න දැන ගැනීමටත් ප්‍රාදේශීය ප්‍රජාවන්ට උපකාරී වෙයි.

මෙම පාඨමාලාව මානව හිමිකම් යනු තමන්ට අදාළ නොවන දෙයක්, නැත හොත් විදේශයන් විසින් තමන් මත පටවා ඇති දෙයක් ලෙස සලකන අය ද ඇතුළුව සාමාන්‍ය පුද්ගලයින් සඳහා නිර්මාණය කර ඇති පාඨමාලාවකි. මෙම පාඨමාලාව මගින් සහභාගීවන්නන්ගේ ජීවිත අත්දැකීම් වලින් උකහා ගන්නා, කතන්දර කීම, දෘශ්‍ය සන්නිවේදනය සහ අන්තර්ක්‍රියාකාරී අභ්‍යාස කෙරෙහි අවධානය යොමු කරන, සහභාගිවන්නන් කේන්ද්‍ර කරගත් ක්‍රමවේදයක් භාවිතා කරමින්, අන්තර් ආගමික සංවාද, සාමය ගොඩනැගීම සහ අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයන් එකට එක්කරයි.

මෙම පාඨමාලා ද්‍රව්‍ය ඕනෑම සන්දර්භයකට ගැළපෙන ලෙස හැඩගසා ගැනීමට පහසු වන අතර, උදාහරණ ලෙස නයිජීරියාව, ටැන්සානියාව, ජෝර්දානය, ඉන්දියාව සහ ස්වීඩනය වැනි රටවල අන්තර් ආගමික සහභාගිවන්නන් සඳහා ප්‍රාදේශීය පහසුකම් සලසන්නන් විසින් සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

ඇතැම් සන්දර්භයන් තුළ මානව හිමිකම් පිළිබඳව සෘජුව ම කථා කිරීම අනතුරුදායක විය හැක – මෙම පාඨමාලාව තුළ අයිතිවාසිකම් පිළිබඳව කථාකරන නමුත්, මානව හිමිකම් පිළිබඳව සඳහන් නොකර ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ කථා කිරීමට ඔබට උපකාරී විය හැකි මෙවලම් සහ අභ්‍යාස ද ඇතුළත් වේ – විශේෂයෙන් ම zනළාවේ සහ ඛෙරයේ ගීතz නැමති කතන්දරය එයට උදාහරණයකි.

සිංහල පිටපත ප්‍රකාශයට පත් කරන විට දැනුම් දීමට අපගේ පුවත් පත්‍රිකාවට දායක වන්න.

දායක වෙන්න

ඉංග්‍රීසි භාෂාවෙන් පනස්වන්න පාඨමේ උපකාර දැකගන්න

තවදුරටත් කියවන්න.

අපගේ සංදර්භයන් තුළ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන සංවිධාන ලෙස අපගේ කාර්යය වඩාත් පහසු කරන, මෙවැනි අනර්ඝ සම්පත් මාලාවක් වෙත ප්‍රවේශය ලැබීම පිළිබඳව අපි සතුටු වන්නෙමු.

මයික් ගාබ්‍රියෙල්

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සන්ධානය (NCEASL).

පාඨමාලාවේ අරමුණු

  • අපගේ ප්‍රජාවන් තුළ සහ ප්‍රජාවන් අතර ඇති විවිධත්වය හඳුනා ගැනීමටත් එය අගය කිරීමටත් අපට උපකාරී වීම.
  • ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස ඇතුළුව අපගේ මානව හිමිකම් අවබෝධ කරගැනීමටත්, එAවා අගය කිරීමටත් අපට උපකාරී වීම.
  • අපගේ ප්‍රජාවන් තුළ ඇති ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධ ප්‍රශ්න හඳුනා ගැනීම.
  • එකට එක්ව එම ප්‍රශ්න විසඳාගැනීමට කටයුතු කළ හැකි ආකාර සොයා ගැනීම.

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ කවුරුන් සඳහාද?

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව සැලසුම් කර ඇත්තේ, තම ප්‍රජාව සහ සමාජය තුළ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස සම්බන්ධ ගැටළු පිළිබඳව සැලකිලිමත් වන සහ යම් පරිවර්තනයක් සිදු කිරීමේ මාර්ග සෙවීමට කැමති, බිම් මට්ටමේ පුද්ගලයින් සඳහා ය. මෙම පාඨමාලාව පැවැත්වීම සඳහා සහභාගිවන්නන්ට මානව හිමිකම් පිළිබඳ පූර්ව දැනුමක් හෝ පළපුරුද්දක් තිබීම හෝ ඔවුන් මානව හිමිකම් පිළිගනු ලැබීම හෝ අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ විවෘත මනසක් තිබීම, සාමකාමී සහජීවනයෙන් සහ සමානාත්මතාවයෙන් යුතු ප්‍රජාවන් ගොඩනැගීම සඳහා උපකාර කිරීමට උනන්දුවක් දැක්වීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙනීමේ සහ ආවර්ජනය කිරීමේ අන්තර්ක්‍රියාකාරී ක්‍රියාවලියක නිරත වීමට ඇති කැමැත්තයි. එය සීමිත සාක්ෂරතාවයක් සහිත සහභාගිවන්නන් සඳහා වුවද භාවිතා කළ හැකි අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කණ්ඩායම් සහ ප්‍රාදේශීය ආගමික නායකයින් සඳහා ද භාවිතා කළ හැකි විශිෂ්ට ඉගෙනුම් මෙවලමකි.

මෙම පාඨමාලාව පුද්ගලයින් 12 – 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සඳහා සැලසුම් කර ඇති නමුත් එයට වඩා විශාල හෝ කුඩා කණ්ඩායම් සඳහා ද හැඩගස්වා ගත හැක.

පාඨමාලාව සඳහා පහසුකම් සැලසිය හැක්කේ කාටද?

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව කණ්ඩායම් අභ්‍යාස, ක්‍රීඩා, කතන්දර, සාකච්ඡා සහ භූමිකා රංගන මෙන්ම ඉදිරිපත් කිරීම් ද ඇතුළත් අන්තර්ක්‍රියාකාරී පාඨමාලාවක් වේ. වැඩිහිටියන් සහ තරුණ තරුණියන් සමග අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රියාවලීන් මෙහෙයවීමේ යම් පළපුරුද්දක් ඇති ඕනෑම අයෙකුට එය මෙහෙයවිය හැක. පහසුකම් සලසන්නාට වඩාත් ම අවශ්‍ය වන්නේ අදාළ පසුබ්ම පිළිබඳ සංවේදීතාවයයි – එනම් ඇතැම් ගැටළු සාකච්ඡා කිරීමට නොහැකි තරම් සංවේදී වන්නේ ද, නැතහොත් භයානකද යන්න විනිශ්චය කිරීමට සහ ඒ අනුව ක්‍රියාවලිය හැඩගස්වා ගැනීමට ඇති හැකියාව මෙන්ම සංවේදීතාවයන් හෝ ආතතීන් ඇති වූ විට කණ්ඩායම් බලවේග හසුරවා ගැනීමට ඇති හැකියාවයි.

මෙම පාඨමාලාවට පහසුකම් සැලසීම සඳහා ඔබට මානව හිමිකම් පිළිබඳව හෝ ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳව අත්දැකීම් හෝ දැනුමක් අවශ්‍ය නොවේ. පහසුකම් සලසන්නන් සඳහා වන මාර්ගෝපදේශය සහ ඒ සමග සපයා දෙනු ලබන සම්පත් මගින් එක් එක් සැසිවාරය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක මග පෙන්වීමක් මෙන්ම පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය උපදෙස් ද සපයා දෙයි. එමෙන් ම, ගැටළු සම්බන්ධ ඉදිරිපත් කිරීම් සඳහා අවශ්‍ය කථන පිටපත් සහ පවර්පොයින්ට් ඉදිරිපත්කිරීම් ඇතුළු ඔබට අවශ්‍ය සියලූම තොරතුරු සපයා ඇත. පහසුකම් සලසන්නාගේ කාර්යභාරය ප්‍රවීනයෙක් වීම නොව, අන්‍යෝන්‍ය ඉගෙනීමේ ක්‍රියාවලියක් හරහා සහභාගිවන්නන්ට මග පෙන්වීමයි.

පාඨමාලා ද්‍රව්‍ය

පාඨමාලා ද්‍රව්‍ය පහසුකම් සලසන්නන් සඳහා වන මාර්ගෝපදේශය සහ ඒ සමග සපයා දෙනු ලබන පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම්, අත්පත්‍රිකා, ක්‍රීඩා කාඩ්පත්, පෝස්ටර් සහ ඉදිරිපත් කිරීම සඳහා කථන පිටපත් වැනි එක් එක් සැසිය සඳහා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය වලින් සමන්විත වේ.

පාඨමාලාව පිළිබඳ දළ විශ්ලේෂණය

ඔබගේ ප්‍රජාව තුළ පරිවර්තනයක් සිදු කිරීම සඳහා මෙම පාඨමාලා ද්‍රව්‍ය යොදා ගැනීම සම්බන්ධ ඔබගේ අත්දැකීම පිළිබඳව දැනගැනීමට අපි කැමැත්තෙමු.

ඔබගේ කතාව අපට කියන්න!

ප්‍රතිපෝෂණ පත්‍රිකාව

වැඩි විස්තර සඳහා මෙම චිත්‍රපටය ඉංග්‍රීසියෙන් නරඹන්න.