පාඨමාලා ද්‍රව්‍ය

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව සඳහා සපයා දෙනු ලබන ද්‍රව්‍ය සියල්ල මෙතැනින් ලබා ගන්න.

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව සඳහා සපයා දෙනු ලබන ද්‍රව්‍ය පහසුකම් සලසන්නන් සඳහා වන මාර්ගෝපදේශය සහ ඒ සමග සපයා දෙනු ලබන පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම්, ක්‍රීඩා කාඩ්පත්, පෝස්ටර් සහ ඉදිරිපත් කිරීම සඳහා කථන පිටපත් වැනි එක් එක් සැසිය සඳහා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය වලින් සමන්විත වේ.

පහසුකම් සලසන්නන් සඳහා වන මාර්ගෝපදේශයට කොටස් 3 ක් ඇතුළත් වේ:

1 වෙනි කොටස: මෙම සම්පත් භාවිතා කරන ආකාරය
එක් එක් සැසිය සඳහා සූදානම් වී සැසි පවත්වාගෙන යන ආකාරය පිළිබඳ මග පෙන්වීම, සහ පහසුකම් සැලසීම සඳහා සහ දුෂ්කර ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීම සඳහා උපදෙස්.

2 වෙනි කොටස: සැසි සැලසුම්
එක් එක් සැසියයේ දී භාවිතා කරනු ලබන ඉදිරිපත්කිරීම සඳහා වන කථන පිටපත සහ කතන්දර සමග සියලු ම අභ්‍යාස සිදු කිරීම සඳහා ඔබට උපකාරී වන පරිපූර්ණ විස්තර.

3 වෙනි කොටස: විමර්ශන ද්‍රව්‍ය
ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්, රට පිළිබඳ තොරතුරු සොයා ගත හැකි තැන්, වැඩිදුරටත් ඉගෙන ගත හැකි පාඨමාලා සහ සම්පත්.

පහත සඳහන් සබැඳි වලින් ඔබට පාඨමාලා ද්‍රව්‍ය බාගත කර ගත හැක. සියලු ම සම්පත් එක් ‘zip’ ගොනුවක් ලෙස හෝ, පහසුකම් සලසන්නන් සඳහා වන මාර්ගෝපදේශය හෝ බාගතකර ගන්න. නැත හොත් එක් එක් සැසිය සඳහා වන සම්පත් වෙන් වෙන්ව ලබා ගැනීමට පිටුව පහළට යන්න (scroll කරන්න).

පහසුකම් සපයන්නන්ගේ මාර්ගෝපදේශයේ  පිටපතක්  නොමිලේ ලබා ගැනීමට අවශ්‍ය නම් කරුණාකර noorminal@sfcg.org වෙත විද්‍යුත් තැපෑලක්  යොමු කරන්න.

පහසුකම් සලසන්නන් සඳහා වන මාර්ගෝපදේශය බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න. (PDF ගොනුව)

බාගත කරගන්න

සියලු ම පාඨමාලා ද්‍රව්‍ය බාගත කර ගැනීමට මෙතැන ක්ලික් කරන්න. (ZIP ගොනුව)

බාගත කරගන්න

පාඨමාලාව ලබා ගත හැක්කේ කුමන භාෂා වලින් දැයි බලන්න

විවිධ භාෂා අනුවාද සියල්ල

පුහුණුකරුවන් සඳහා වන අපගේ සියලු ම සම්පත් ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

තවදුරටත් කියවන්න.
ඔබගේ ප්‍රජාව තුළ පරිවර්තනයක් සිදු කිරීම සඳහා මෙම පාඨමාලා ද්‍රව්‍ය යොදා ගැනීම සම්බන්ධ ඔබගේ අත්දැකීම පිළිබඳව දැනගැනීමට අපි කැමැත්තෙමු.

ඔබගේ කතාව අපට කියන්න!

ප්‍රතිපෝෂණ පත්‍රිකාව